මහින්දානන්දගේ නඩුව මාර්තු සිට යළිත් විභාගයට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මාර්තු මස 19 වනදා නැවත ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(23) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ .කේ. පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නඩුව මාර්තු මස 19 දා යළි විභාග කිරීම ආරම්භ කිරීමට තීන්දු කළ විනිසුරුවරිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට අවවාද කළේය.
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
Exit mobile version