Home දේශීය පුවත් සෞඛ්‍යාරක්ෂණ සේවයට ලෝක බැංකුවේ අතහිත

සෞඛ්‍යාරක්ෂණ සේවයට ලෝක බැංකුවේ අතහිත

0
සෞඛ්‍යාරක්ෂණ සේවයට ලෝක බැංකුවේ අතහිත

ශ්‍රි ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසීය.

එම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

එහි සඳහන් ආකාරයට රට තුළ තෝරාගත් ප්‍රදේශයන්හි අධි අවදානම් සහිත ජනගහන කාණ්ඩවල බෝ නොවන රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාවිතය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ මූල්‍ය ගිවිසුම ඊයේ (23) දිනයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබා තිබේ. එහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂක ඉධා ස්වාරායි – රිඩිහෝග්  මහත්මිය සහභාගි වී ඇත.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංවිධානය හා ශක්තිමත් කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහ නවෝත්පාදක ප්‍රදාන, අනිවාර්ය හදිසි ප්‍රතිචාර සංඝටක යනාදී සංචරක මෙම ව්‍යපෘතියේ ඇතුළත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version