Home ක්‍රීඩා පුවත් වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා රංගන හේරත් – ක්‍රීඩිකාව චමරි අතපත්තු

වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා රංගන හේරත් – ක්‍රීඩිකාව චමරි අතපත්තු

0
වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා රංගන හේරත් – ක්‍රීඩිකාව චමරි අතපත්තු

ඊයේ රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හිදී පැවති පස්‌වැනි ඩයලොග් ක්‍රිකට්‌ සම්මාන රාත්‍රියේ දී වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමට රංගන හේරත් සමත් විය. වසරේ ක්‍රිකට්‌ ලෙස හිටපු නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය.

වසරේ දක්‍ෂතම විස්සයි 20 පිතිකරු හා දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාත්, වසරේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයාට හිමි සම්මානය අසේල ගුණරත්නට හිමි විය.

දක්‍ෂතම විස්සයි 20 පන්දු යවන්නා ලසිත් මාලිංග ලෙසද, දක්‍ෂතම එක්දින පන්දු යවන්නා සුරංග ලක්මාල් ලෙසද සම්මාන ලබා ගත්තේය.

වසරේ එක්දින පිතිකරු කුසල් මෙන්ඩිස් වු අතර වසරේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ඩිල්රුවන් පෙරේරා විය.

ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් ද, ටෙස්ට් පිතිකරු ලෙස ධනංජය ද සිල්වා ද, වසරේ නැගීඑන ක්‍රීඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල සම්මාන දිනා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version