ජපාන් ප්‍රසංශා සම්මාන ද්විත්වයක් ලාංකිකයන්ට

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිරිනමන වාර්ෂික ජපාන විදේශ අමාත්‍ය ප්‍රසංශා සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබා තිබේ.

කලාකීර්ති සුමිත්‍රා පීරිස් මහත්මියට හා දීපාල් සුමන්ත්‍රී ගුණරත්න මහතා වෙත මෙම සම්මාන ද්විත්වය පිරිනමා තිබේ.

2018 වසරට අදාළව මෙම සම්මානය ලබාදුන් අතර ඔවුන්ට එම සම්මාන ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විසින් ඔහුගේ නිල නිවසේ පැවැති උත්සවයකදී පිරිනමනු ලැබීය.

Exit mobile version