ගලකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි

මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේදී ගලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙන බව පොලීසිය පවසයි.

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙසේ මෙම ඝාතනය සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් බරපතල තත්ත්වයේ පසුවූ අදාල කාන්තාව පානදුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version