161 වන උදා ගම්මානය ජනතා අයිතියට

161 වන උදා ගම්මානය අද(28) නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරේ.

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ, මඩකලපුව පෝරතිව්පත්තු ගම්මානයේ ඉදිකළ ආදර්ශ ගම්මානය ආනන්දපුරම් ලෙස නම්කර ඇති බවයි.

මේ වනවිට ගම්මාන 1684ක් ඉදිකර තිබේ.

තවත් ගම්මාන 816ක් ඉදිකෙරමින් පවතින බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළේ.

Exit mobile version