පළාත් සභා ඡන්දය නොතිබ්බොත් මැකො ඉල්ලා අස්වෙනවලු

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරණය කලින් පැවැත් වීම ගැටළුවක් නොවන බවත්, නොවැම්බර් මස 9 වන දින සිට දෙසැම්බර් මස 9 වන දක්වා වු කාලය තුළ එනම් නොවැම්බර් 10 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට නොහැකි වුවහොත් එයට විරෝධය පළ කිරීමක් ලෙස තමා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් වෙන බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කොමිසම් සභාවේ සිටින නමුත් සභාපතිධූරය අත්හරින බවද ඔහු සඳහන් කරයි.

තමාද රටේ පුරවැසියෙක් වන බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කරන බව ද පැවසු දේශප්‍රිය මහතා, තමාගේ හෘද වස්තුවක් මෙම ඡන්දය කල්දැමීම තුළින් වේදනාවට පත්වන බව කියා සිටියේය.

ඡන්දය සම්බන්ධයෙන් සාකච්ඡාවලට තමා දිගින් දිගටම සම්බන්ධ වු බවත්, සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ම මෙය පැවැත්විය යුතු බව සඳහන් කලත් සමහරු තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන බව කියා සිටින බව ද පැවසීය.

කාගේවත් “ඇජෙන්ඩාවලට ඡන්දෙ තියන්න මහින්ද දේශප්‍රිය මේ පුටුවේ වාඩි නොවන “ බව ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Exit mobile version