ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විදුහල්පතිවරුන්ගෙන් බාධා

ගැබිණි ගුරුවරියන් වෙනුවෙන් නිර්දේශ කළ ඇඳුමට බාධා නොකරන ලෙසත් ඒ සඳහා විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටී නම් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරන්න ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඇතැම් විදුහල්පතිවරුන් විසින් ගර්භිණී ගුරුවරියන්ට මෙම නිර්දේශිත ඇඳුම ඇඳ පාසලට පැමිණීම තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය, සම්ප්‍රදාය සහ සංස්කෘතිය ආරක්ෂාවන පරිදි වෛද්‍යවරුන්ගේ ද නිර්දේශ මත පාසල් ගුරුවරියන් වෙනුවෙන් හඳුන්වාදෙන ලද මෙම ඇඳුමට විරුද්ධ වීම පදනම් විරහිත සහ කණගාටුදායක තත්වයක් බවත් එයින් ගර්භිනී ගුරුවරියන් අපහසුතාවට පත්වන කාරණයක් බවත් අමාත්‍යාංශය පවසයි.

ඒහෙයින්  කිසිදු අයුරකින් හෝ මෙම ඇඳුමට විරෝධය පළකිරීමට විදුහල්පතිවරුන්ට සාධාරණ අයිතියක් නොමැත.

එවැනි විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 වෙත වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරියන්ගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version