උඩරට බඹර ප්‍රහාරයකින් 20ක් රෝහලට

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ආරුක්කු පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක්ව 20 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වෙයි.

අද(29) පස්වරු 1.00 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර බඹර ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූවන් අතර විදේශිකයින් 10 දෙනෙකු ද සිටින බව ද වාර්තා වෙයි.

බඹර ප්‍රහාරය තුවාල ලැබූවන් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලීසිය සඳහන් කරයි.

Exit mobile version