Home දේශීය පුවත් තායි ලයන් එයාර් ගුවන් සේවය අරඹයි

තායි ලයන් එයාර් ගුවන් සේවය අරඹයි

0
තායි ලයන් එයාර් ගුවන් සේවය අරඹයි

ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය විසින් ඊයේ (30) දින උදෑසන ආරම්භ කරනු ලැබිය.

මෙහි මංගල ගුවන් ගමන තායි ලයන් ගුවන් එයා ගුවන් සේවයේ එස්.එල්.- 230 දරණ ගුවන් යානය ඊයේ උදෑසන 9.30 ට තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.

මෙම ගුවන් යානය ජල ආචාර පවත්වමින් කටුනායක ගුවන් තොටුපළේ දී මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

මෙම ගුවන් ගමන සඳහා බෝයිං 737 – 900 වර්ගයේ නවීනතම ගුවන් යානයක් යොදවා තිබූ අතර , එහි ගුවන් මගීන් 122 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 07 ද පැමිණ සිටියහ.

නව ගුවන් සේවාව සතියේ සෑම දිනකම තායිලන්තයේ ඩොංමියෑං සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version