මිලියන 20ක් වටින දුම්වැටි තොගයක් පිටකොටුවෙන්

කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු  නීති විරෝධී  දුම්වැටි තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ දින (31) සවස පිටකොටුව ඔරලෝසු කණුව අසලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම දුම්වැටි සහිත කන්ටේනරය ඩුබායි සිට මෙරටට නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් නීති විරෝධීව ආනයනය කර තිබේ.

රේගු පරීක්ෂාවෙන් අනතුරුව පිටතට රැගෙන යාමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

මෙම දුම්වැටි ලක්ෂ 4 ක ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වන බව වාර්තා වෙයි.

දැනට මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

Exit mobile version