ගිනි අවි සමඟ අයෙක් පොලිස් දැලේ

මීගහතැන්න කුරුපිට ඉහළවැව කොටස ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවි සහ වෙඩි බෙහෙත් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගහතැන්න පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔහු සතුව තිබී බඳින තුවක්කු 6ක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 135ක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කුරුපිට, පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකු වෙයි.

ඔහු අද(02) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version