අද කාලගුණ තත්ත්වය මෙන්න

නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ වැඩි හැකියාවක් පෙබරවාරි මස 4 වනදා පවතී.

නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ  පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

ඌව පළාතේ සහ අනුරාධපුර සහ මුලතිවු  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version