රේගුවට තවත් වෘත්තීය සමිති කිහිපයකගේ සහාය

සිය වෘත්තිය සමිති ගැටලුවට විසඳුමක් නොලැබුනහොත් ලබන අඟහරුවාදා සිට තවත් වෘත්තීය සමිති කිහිපයක් සමඟ ඒකාබද්ධව පුළුල් වැඩවර්ජනයක නිරත වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පැවසීය.

එම සංගමයේ හිටපු සභාපති ආවාර්ය එන්.එස් කුමානායක මහතා පැවසුවේ දැනට ක්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවාවන්ගෙන්ද, ඉවත් වීමට සුදානම් බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කොට ඒ වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබුණි.

පසුව එම තනතුර සඳහා මුදල් අමාත්‍යාංශයේ නිළධාරියෙකු පත්කෙරුණද, රේගු නිළධාරීන් පවසන්නේ පැවති ක්‍රමවේදය අනුව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය නැවත පත්කළ යුතු බවයි.

Exit mobile version