මවුස්සාකැලේ ජලාශයෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි

මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් සොයාගත් බව මස්කෙලිය පොලීසිය පැවසීය.

මවුස්සාකැලේ ජලාශයේ මස්කෙලිය පොලිසියේ පිටුපස ජලාශයේ තිබි අද (04) මෙම සිරුර තිබි හමු වි ඇති බවටයි වාර්තා වන්නේ.

සිරුර මෙතෙකේ හඳුනාගෙන නොමැති අතර මස්කෙලිය පොලිසියේ බ්‍රවුන්ලෝ වතු යායේ පාසල් සිසුවියක් ඊයේ(03) සිට අතුරුදහන් වි ඇති බවට එම සිසුවියගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසියට පැමිණිල්ලක් කර තිබු බවද ස්ථානාධිපතිවරයා පැවසිය.

හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කරන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය පැවසිය.

Exit mobile version