නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි – අයෙක් දැලේ

නිකවැරටිය, ගොන්නගස්වැව ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

අදාළ ගිනි අවි නිෂ්පාදනාගාරය තුළ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් නිමවන ලද බෝර 12 මැෂින් එකක්, තුවක්කු බඳ කොටස් දෙකක් සහ ගිනි අවි සෑඳීම සඳහා යොදාගන්නා උපකරණ පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි ගොන්නගස්වැව ප්‍රදේශයේ පදිංචි අයෙකු වෙයි.

ඔහු අද(05) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version