ජමුනා දිවයිනෙන් පිටත් වෙයි

මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද(06) දින සිය මිණුම් කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳි සිටි කාලය තුළ ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ කාර්යය සාර්ථක ලෙස සිදු කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.

Exit mobile version