ජනපතිගේ ප්‍රකාශයට කථානායකගෙන් පිළිතුරක්

ව්‍යවස්ථාදායක සභාව විසින් තනතුරු පත්කිරීමේදී ‘ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත’ යනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) දින පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පැවසුවේ අද (07) දින පෙරවරුවේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින්ය.

තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකළ ලිපියේ සඳහ් කළ් ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම එකම  මිනුම්දණ්ඩක් වශයෙන් අනුගමනය නොකරන බව යැයිද ඔහු පවසයි.

එසේම ව්‍යවස්ථාදායක සභාව පිටතින් නම් අනුමත් කිරීමක් නොකරන බවත් ජනපතිවරයා එවන නම් වලින් සුදුසු නම් පමණක් තෝරා ගන්නා බවත් ඔහු පවසයි.

ව්‍යවස්ථාදායක සභාව නම් 12 ක් ප්‍රතික්ෂේප කළ බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය වැරදි බවත් එක් ඇබෑර්තුවක් සඳහා නම් 3 –  හෝ 4 ක් එවූ විට තෝරා ගත්තේ එක් නමක් පමණ් හෙයින්  එවැනි අවස්ථා  ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් හැඳින්වීම ව්‍යවස්ථාදායක සභාවට කෙරෙන අසාධාරණයක් බවද ඔහු පවසයි.

“ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ. අතිගරු ජනාධිපතිතුමන් විසින්ද එසේ කළ අවස්ථා ඇත. ඒවා එකින් එක සඳහන් කරමින් වාද විවාද කිරීමට අප අදහස් නොකරමු. 19 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව බලපෑම් වලින් තොරව සුදුස්සන් තෝරාගැනීම අ‍පගේ කාර්යභාරය වේ. එය මැනවින් ඉටු කළ බව අපගේ විශ්වාසයයි.”

Exit mobile version