නිල සංචාරයක් සඳහා මහින්ද හෙට ඉන්දියාවට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට(09) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත්වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්වෙයි.

මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා රාජපක්ෂ මහතාට අැරයුම් ලැබී ඇත.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අනාගත සම්බන්ධතාවයන් මුලික කර ගනිමින් මෙම දේශනය පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා ඇෆ්ගනිස්ථාන, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරුන් ද සහභාගී වීමට නියමිතයි.

Exit mobile version