ඉල් පුර පසලොස්වක පොහොය අදයි

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි.

මෛති‍්‍රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්මදුත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමන අාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධර්මය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය.

මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ. චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි.

මේ අනුව පැහැදිලි වන්නේ ඉල් මස පුරපසළොස්‌වක පොහෝ දින බෞද්ධ අපට කොතරම් නම් වැදගත් ද යන්නය. උතුම් වූ සදහම් රසය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුව වූයේ එදා ඉල් මස පුරපසළොස්‌වක පොහෝ දින මහරහතන් වහන්සේලා හැටඑක්‌ නමක්‌ විසින් ආරම්භ කළ ධර්ම ප්‍රචාරය යි.

Exit mobile version