මහින්ද යළි සියරට එයි

ඉන්දියාවේ බැංගලෝර් හි පැවති සමුළුවකට සහභාගී වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද(13) දහවල් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ හින්දු පුවත් පත මඟින් සංවිධානය කළ මෙම සමුළුවට සහභාගී වීම සඳහා විපක්ෂ නායකවරයා පසුගිය 08 වනදා දිවයිනෙන් පිටත්ව ගියේය.

Exit mobile version