අද(14) අළුයම මරදාන පොලිස් වසමේ ගුවන් පාලමේ ගැටී අනතුරට ලක් වූ ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 68ක් තිබී සොයාගෙන තිබේ.
අනතුරට ලක් වූ එම ජීප් රථය පරීක්ෂා කිරීම සඳහා මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රථය අසලට පැමිණීමේදී එම රථයේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පළා ගොස් තිබෙන බවට වාර්තා වෙයි.
පසුව නිලධාරීන් විසින් ජීප් රථය පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය සොයා ගෙන අැත.
මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි