ටිපර් රථයක් පෙරළෙයි – රියදුරුට තුවාල

හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ හබරණ 7 කණුව දේවාලය ආසන්නයේදී ඊයේ(14) සවස ටිපර් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

හබරණ සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ ටිපර් රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල වූ කුඩා ඇළ මාර්ගයකට පෙරළී ගොස් තිබේ.

මෙම අනතුරින් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

Exit mobile version