දකුණ සේම උතුරත් ලෝකයට විවෘත කරන බව අගමැති කියයි

දකුණ, ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට සලස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාඩු ලබමින් සුදු අලි බවට පත්ව තිබූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දැන් ක්‍රියාශීලි ගමනාගමන ප්‍රවාහන කේන්ද්‍රස්ථාන බවට පත්වෙමින් පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා පලාලි ගුවන් තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය ද ප්‍රධාන පෙලේ මගී හා වාණිජ තොටුපොළවල් ලෙස සංවර්ධනය කරන බවද පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(15) මන්නාරම සංස්කෘතික ශාලාවේදී පැවති ජනහමුවක් අමතමිනි.

Exit mobile version