තාවකාලික පදනම මත දකුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරුකර යවා තිබේ.

තාවකාලික පදනම මත අද (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පොලිස් මුලස්ථානයට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Exit mobile version