පාතාල ක්‍රියා වැඩිවීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අද වන විට කථා බහට ලක්වෙන ආකාරයට කුඩු භාවිතා කරන මැති ඇමතිවරු සිටින බවත්, ඔවුන් රට පාලනය කරන්නේ කෙසේ ද යනුවෙන් රණතුංග මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
කුඩු භාවිතා කරන අය කරන්නේ රට විනාශ කිරීම පමණක් බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, කුඩු මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙන්නේ පාතාලය හරහා වන බවත්, එය ව්‍යාප්ත වන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන් හරහා වන බව ද සඳහන් කළේය.
අද වන විට කොළඹ තිබෙන උසාවියකට යෑමට පවා බිය වන බවත්, පාතාලය එකිනෙකා මරා ගන්නා තත්ත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.
පාතාලය ආරම්භ වුයේ වත්මන් ආණ්ඩුව සමඟ බවත්, සුදු වෑන් ගැන කියමින් අතීතයේ පාතාලය මර්දනය කිරීම නතර කරනු ලැබුවේ ද ආණ්ඩුවේ ඇමතිවරු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළ මන්ත්‍රීවරයා අද වන විට ඔවුන් විසින්ම එල්ලුම් ගහ ගෙන ඒමට අද කටයුතු කරමින් සිටින බව ද කියා සිටියේය.