ලෝක බෞද්ධ මහ සම්මේලනය අදින් අවසන්

ලෝක බෞද්ධ මහ සම්මේලනයේ 07 වැනි බෞද්ධ සමුළුව අදින් (05) අවසන් වේ. මෙහි සමාප්ති උත්සවය අද කොළඹ නෙළුම් පොකුණ රගහලේදි පැවැත්වෙන අතර සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02දා ආරම්භ විය . ලෝක සාමය උදෙසා බුදුදහම යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇත. රටවල් 47 ක සංඝනායක ස්වාමින් වහන්සේ 300 නමක් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ගිහි නියෝජිතයෝ ද සමුඵවට එක්ව සිටිති.
Exit mobile version