අතුරුදන්ව සිටි දරුවා හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්‍රැන්ඩ් ප්‍රදේශයේ ඊයේ(19) සිට අතුරුදහන්ව සිටි පිරිමි ළමයා අද(20) උදැසන ඔහු පදිංචි සිට නිවස අසලම පාරක සිට හමු වු බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.

යදිස් විදුර්ෂන් නැමති අවුරුදු 2 වයසැති මෙම ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදි ඊයේ පස්වරු 3 සිට අතුරුදහන්ව ඇති බව පවුලේ ඥාතින් විසින් ආගරපතන පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි.

එම පැමිණිල්ල අනුව ඊයේ රාත්‍රි ආගරපතන පොලිසියේ නිලධාරින්, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක්ද දියත් කර තිබුණි.

අතුරුදහන්ව සිටි ළමයා කිසියම් කෙනෙකු විසින් පැහැරගෙන ගොස් ළමයා සොයා මෙහෙයුමක් දියත් කර ඇති නිසා ළමයාව ආපසු නිවස අසලටම ගෙනවිත් දමන්නට ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරයි.

සොයාගත් ළමයා මේ වන විට ආගරපතන රෝහලට ඇතුලත් කර ඇති අතර ළමයාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

Exit mobile version