නීතිවිරෝධීව මෙරටට ගෙන ආ රත්තරන් තොගයක් සමඟ 9ක් අත්අඩංගුවට

ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ(19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතරදහස් එකසිය හැත්තෑ නවයක් (16,344,179)ක් බවට වාර්තා වෙයි.

මොවුන් කොළඹ, මරදාන, මීගමුව, සීදුව, හලාවත සහ මහනුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ බව සඳහන් වෙයි.

ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු වල මෙම කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 974 ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් සහ රත්තරන් බිස්කට් තොගයක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ විසින් සිදු කරයි.

Exit mobile version