වැල්ලවායේ අනතුරකින් එකම පවුලේ තිදෙනෙක්ට බරපතළ තුවාල

වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිසියට නොදුරින් ඊයේ(19) පස්වරුවේ සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මයිල ගසක හැපීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ වැල්ලවාය නෙටොල ගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ පුත්‍රයායි.

තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බරපතළ නිසා මොණරාගල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

වැල්ලවාය පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

Exit mobile version