මිහින්තලේ දාගැබට නැග ඡායාරූප ගත් දෙදෙනා යළි රිමාන්ඩ්

මිහින්තලේ පුදබිමේ පිහිටි පරිවාර චෛත්‍යයක් මතට නැඟ එම චෛත්‍යයට අගෞවරවයක් වන අයුරින් ඡායාරූප ලබා ගෙන එම ඡායාරූප අන්තර් ජාලයට මුදා හැරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි සැකකාර සිසුන් දෙදෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කල ඉල්ලීම යළි ප්‍රතික්ෂේප වී තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔවුන් තවදුරටත් මේ මස 27තෙක් රිමාන්ඩ් කිරීමට අද (20) නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කළේ, මූතූර් පදිංචි 18 හැවිරිදි සහ 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

Exit mobile version