ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක් මතුව තිබේ.

එ හේතුවෙන් එම නිවාස පදිංචිව සිටි පවුල් 12 කට අයත් සමජිකයන් 51 දෙනෙකු ඊයේ(20) රාත්‍රියේ එම නිවාස වලින් තාවකාලිකව ඉවත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කළුගල් ආධාරයෙන් සිමෙන්ති මිශ්‍රණයෙන් එවකට ඉදි කර ඇති මෙම නිවාස පේලියේ විශාල ලෙස ඉරිතලා කළුගල් ගැලවි බිමට වැටිම හේතුවෙන් එම නිවාස පේලිය කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවය පොලිසිය කියා සිටින්නේ.

එම නිවාස පේලියට ලබාදි තිබු විදුලි බලයද මේ වන විට විසන්ධි කර ඇති අතර එම නිවාස පේලියේ පදිංචි අවතැන් වුවන් තාවකාලිකව ඔහුන්ගේ ඥාති නිවස් වල පදිංචි කිරිමට වතු පාලනය අධිකාරිය කටයුතු කර තිබේ.

අවතැන් වුවන්ට අවශ්‍යය ආහාර පාන වතු පාලන අධිකාරිය මගින් ලබාදි ඇත.

කඩා වැටිමේ අවධානමකට ලක් වි ඇති වතු නිවාස පේලියේ පදිංචිව සිටි වතු කම්කරුවන් වෙනුවෙන් අලුතින් නව නිවාස ඉදි කිරිම සම්බන්ධයෙන් වැවිලි මානව සංවර්ධන භාරය සමග සාකච්ඡා පවත්වන බව වතු පාලන අධිකාරිය පැවසිය.

Exit mobile version