අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක වෙඩි තැබීමක් – 26ක් මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විල්සන් නැමති ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයක ඉරිදා දේව මෙහෙය අතරතුර දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් අනතුරුව මොටර් රථයකින් පාලාගිය සැකකරු ඇල්ලීමට පොලීසිය ලුහුබැඳ ඇති අතර ඔහු ඒ අතර තුර ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු පොලිස් වෙඩි පහරින් මියගියේ ද නැතිනම් සියදිවි හානිකර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු ආනාවරණය වී නොමැත.

මේ අතර ටෙක්සාස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරය ඉතිහාසයේ ටෙක්සාස් ප්‍රාන්තයට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් බවයි. සිද්ධිය පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඔහු පවසන්නේ මිය ගිය සහ තුවාල ලැබූ පවුල්වල සාමාජිකයින්ට තමා ශෝකය පළ කරන බවයි. ප්‍රහාරයෙන් අනතුරුව ටෙක්සාස් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. අැමරිකානුවන්ගේ භීතියට පත් කරමින් එල්ල වූ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Exit mobile version