අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version