අද උතුරු පළාතේ හර්තාල්

යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට හා මියගිය පිරිසට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් අද (25) උතුරු පළාතේ හර්තාලයක් කැඳවා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 2019 වර්ෂයේ සැසි වාරය ආරම්භ කිරීමට සමගාමීව යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට හා මියගිය පිරිසට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන් ගේ ඥාතීන් හර්තාලය කැඳවා ඇත.

හර්තාලයට සහයෝගය පළ කරමින් යාපනය,වවුනියාව,කිලිනොච්චිය,මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික් වෙළඳ සංගම් සිය වෙළඳ සැල් වසා දමා ඇති බව දක්නට ලැබේ.

Exit mobile version