එක්සත් ජාතීන්ගේ 40 වන මානව හිමිකම් සැසිවාරය අද

අද (25) ජිනීවා හි දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 40 වන මානව හිමිකම් සැසිවාරය ආරම්භ වේ.

මාර්තු පළමුවන දින දක්වා එම සැසිවාරය පැවැත්වීමට නියමිතයි.

2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ මෙවර සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

2015 වසරේ ඉදිරිපත් කළ යෝජනාව වෙත ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටීම ඉවත් කර ගැනීම පිළිබඳව ශ්‍රි ලංකා රජයේ අවධානය යොමුව තිබේ.

නමුත් ඒ පිළිබද මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

Exit mobile version