බලය බිදී ගිය දවසට රනිල්ට වෙන දේ වාසු කියයි

වත්මන් ආණ්ඩුව සතුව බලය පවතින තෙක් මහබැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට සැඟවී සිටිය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුවට එරෙහි අධි චෝදනා පත්‍රය වසර 4කින් ප්‍රමාද වී ඇති බවත්, එයට හේතුව ආණ්ඩුවේ බලය මඟින් ආණ්ඩුවට විරුද්ධ ක්‍රියාදාමය හිර ඇති බව ද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ අවසානය වන විට බැඳුම්කර වංචාවේ සැබෑ ක්‍රියාකාරීත්වය ජනතාවට පිළිහිඹු වන බව ද කියා සිටි වාසුදේව නානායක්කාර මහතා, රනිල් වික්‍රමසිංහ මහතා වසර ගණනාවක් කිසිවක් නොකර සිටියේ, ඔහුට ඔහුවම අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා බව ද කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මෙම වංචාවේ පළමු චූදිතයා වන බවත්, ඒ බව කියමින් අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයට පෙත්සමක් ලබා දී අවසන් බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

බලය බිදී ගිය දවසට රනිල් වික්‍රමසිංහ මහතාට සිටීම සිදුවන්නේ හිර කූඩුවේ බව ද වාසුදේව නානායක්කාර මහතා තව දුරටත් කියා සිටියේය.

Exit mobile version