බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට නඩු

බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කර නොමැති බවට ඇතැම් පාර්ශව සිදුකරනු ලබන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් හට නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.

කොළඹ දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් නවීන් දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සදහන් කළේය.

Exit mobile version