Home දේශීය පුවත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත් රජය වගකිම් ඉටු කරනවා- ජනපති

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත් රජය වගකිම් ඉටු කරනවා- ජනපති

0
දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත් රජය වගකිම් ඉටු කරනවා- ජනපති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාතර, දෙයියන්දර ජාතික පාසලේ ඉදිකෙරුණු නව පරිපාලන ඒකකය ඊයේ (06) දහවල් විවෘත කරමින් ප්‍රකාශ කළේ, යහපත් සහ මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තියක් තුළින් අද ශ්‍රී ලංකාවට හිමිව ඇති ජාත්‍යන්තර සහයෝගය රජය යොදා ගන්නේ රටේ සංවර්ධනයට මෙන්ම දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගාදීම වෙනුවෙන් බව පවසයි.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කර පරිපාලන ඒකකය සහිත නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපති එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා රජය උපරිමයෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටුකරන බවයි.

රටක් සංවර්ධනය කරා ගෙන යාමට එම රට තුළ උගතුන් බිහිවිය යුතු බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් කිසිදු රජයක් ඉටුනොකළ වැඩකොටසක් වත්මන් රජය ඉටුකරමින් සිටින බව ද කියා සිටියේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version