අයවැය ජයග්‍රහණය කිරීම දුෂ්කර ක්‍රියාවක් – මරික්කාර්

බහුතරයක් නොමැති බැවින් අය වැය ජයග්‍රහණය කර ගැනීම අභියෝගයක්ව පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණයක් ගෙන නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

රජයක් ලෙස පාර්ලිමෙන්තුව තුළ 113 නොමැති වීම හේතුවෙන් අය වැය ජයග්‍රහණය කරීම අභියෝගයක් වන අතර මන්ත්‍රීවරයා පවසයන්නේ එක් වැය ශිර්ෂය පරාජය කර සමස්ථ අයවැය ජයග්‍රහණය කිරීම දුෂ්කර ක්‍රියාවක් බවයි.

ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේදී ව්‍යවස්ථාව කඩ කළ බවත් එයට පිළිතුරක් ලෙස ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීම සිදු නොකළ යුතු බවත් ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Exit mobile version