වදක තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබෙයි

වදක තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති අතර ලැබුණු ඉල්ලුම් පත්‍රවලට අනුව මෙම මාසය තුළ එම තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි.

ලැබී ඇති ඉල්ලුම්පත් 102 අතරින් 99 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීමට නියමිතව ඇත.

ඉල්ලුම් පත්‍ර එවා ඇති කාන්තාවන් දෙදෙනෙකු සහ විදේශිකයෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී කර නොගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අවුරුදු 18-45ත් අතර වයසේ පසුවන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්මාන දෙකක් සහිතව විෂයන් 6කින් සමත් වූ පිරිමි පුද්ගලයින් හට පමණක් ඒ සඳහා අයදුම් කිරීමට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Exit mobile version