අර්ජුන් මහේන්ද්‍රන්ට රතු වරෙන්තු

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.

එසේම තමා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණ අවසන් වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.

එම ලිපිගොනු ලබන සතියේදී නීතිපතිවරයාට යොමුකරන බවත් ඔහු පැවසීය.

Exit mobile version