විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

පවතින වියළි කාලගුණය සමඟ පද්ධතියේ විදුලි ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

විශේෂයෙන් ඊයේ(06) දිනයේ දී පද්ධතියේ දෛනික ඉල්ලුම ගිගාවොට් පැය 46.8 ක තත්ත්වයක පැවතිය බව ද, මෙලෙස දෛනික විදුලි බල ඉල්ලුම ඉහළ යෑම විශාල අභියෝගක් ද වෙයි.

මෙම තත්ත්වය තුළ පාරිභෝගිකයන් අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීමෙන් මෙම තත්ත්වයට මුහුණ දීම පහසුවෙයි.

Exit mobile version