විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඵල රහිත ක්‍රියාවක්

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමකින් තොරව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඵල රහිත ක්‍රියාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ එසේ නොකළහොත් විධායකය හා ව්‍යවස්ථාදායකය දුර්වල වීමට ඉඩ ඇති බවයි.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට පෙර මැතිවරණ ක්‍රමයත් වෙනස් කළ යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා, 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට යෑමෙන් රට ආ පස්සට යා හැකි බව ද කියා සිටියේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ දී දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව ද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

Exit mobile version