Home දේශීය පුවත් පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගනී

පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගනී

0
පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගනී

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇති අද(08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව බගවන්තලාව පොලීසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි මුත්තුමණි ප්‍රියවංශනි නැමති 18 හැවිරිදි පාසල් සිසුවියයි.

අද අලුයම 3ට පමණ අවදි වී ඇති පාසල් සිසුවිය පාඩම් කරන බව පවසා නිවසින් පිටතට පැමිණි තම නිවසේ වහලේ බාල්කයේ මවගේ සාරියකින් ගෙළ වැළලා ගෙන ඇති බව බගවන්තලාව පොලීසිය සඳහන් කළේය.

මිය ගිය සිසුවිය බාල්කයේ එල්ලි සිටින බව ඇයගේ සොහොයුරියක් විසින් අළුයම 5.30ට පමණ දැක එ බව බගවන්තලාව පොලීසියට දැනුම් දි ඇත.

සියදිවි හානි කරගත්තේ යැයි කියන පාසල් සිසුවිගේ පාද දෙක ගැට ගසා තිබිම සම්බන්ධයෙන් මෙය සියදිවි හානි කරගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිළිබඳව බගවන්තලාව පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබේ.

මිය ගිය පාසල් සිසුවියගේ දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාව පොලීසිය පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version