රත්තරන් සමඟ ගුවන් සේවා නිලධාරියෙක් අත්අඩංගුවට

විදේශීය ගුවන් යානා කාර්යය මණ්ඩලයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුතු රත්තරන් වළලු තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක් බව අනාවරණය වී ඇත.

සැකකරු අද (11) උදෑසන 10.00 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මල්ලේ ඇතුළත ඉතා සූක්ෂම ලෙස මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 43 ක් බර රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක් (2,15,00,000)  වටිනා  , රත්තරන් වළලු 423 ක් සඟවා ගෙන සිටිය බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය ,කේ.එච්.පී.කුමාරසිරි , රේගු අධිකාරී ටී.බී.රන්දෙණිය , නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක ,හසන්ත ගුරුගේ , රසික සමන්ජිත් සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.

Exit mobile version