අයවැය තෙවන වර කියවීමේ විවාදය අද

2019 වර්ෂය සඳහා අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අදින්(13) ආරම්භ වීමට නියමිතයි.

අද සිට අප්‍රේල් 05 වනදා දක්වා අයවැය කාරක සභා විවාදය පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිතයි.

2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

දෙවනවර කියවිමේ විවාදය පසුගිය 06 වනදා ආරම්භ වූ අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ(12) පස්වරුවේ සිදු විය. එහිදී අයවැය දෙවන වර කියවිම වැඩි ඡන්ද 43 කින් සම්මත විය.

Exit mobile version