කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

කුඩු චූටි නමැති කාන්තාව ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(13) අළුයම ගම්පොල, ගම්පොලවෙල ප්‍රදේශයේ සැගව සිටියදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් නමැති 33 හැවිරිදි සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයෙකු වන මොහු  කංජිපානි ඉම්රාන් විසින් බාරගනු ලබන මනුෂ ඝාතන සිදු කරන ප්‍රධාන ගෝලය බවට ද කරුණු අනාවරණය වී තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන විසින් සිදු කරයි.

Exit mobile version