බණ්ඩාරගමට ඇ.ඩො. මිලියන10ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්

බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදාළ මුල්ගල් තැබීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල ශක්ති, ව්‍යාපාර කළමනාකරණ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ඇමරිකානු ඩොලර් මිලියන දහයක ව්‍යාපෘතියකි.

අංග සම්පූර්ණ සහිතව ඉඉකරනු ලබන මෙම කර්මාන්ත ශාලාවේ උසස් ප්‍රමිතියෙන් යුතුව නිපදවනු ලබන වෛද්‍ය නිෂ්පාදන 90 %ක් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන අතර දේශීය බෙදාහැරීමේ කටයුතු මෙරට විශිෂ්ට නාමයක් සහිත ටෙක්නොමඩික්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් සිදුකරනු ලබයි. මෙමගින් දේශීය වශයෙන් ඍජු රැකියා අවස්ථා 600ක් පමණ උත්ප්පාදනය වන අතර මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය යුරෝපීය උසස් ප්‍රමිතීන් මත පිහිටා සිදුකරනු ලබයි.

Exit mobile version