අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දිමනාවක්

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට රජය මෙවර අයවැය යෝජනාවෙන් අවධානය යොමු කර ඇති බව එම කාර්යාලය පවසයි.

යුධ ක්‍රියාන්විතයේ නිරතව සිටියදි අතුරුදන්වූ  හමුදා සහ පොලිස් නිළධාරින් ඇතුළු අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් හට මාසික දිමනාවක් ලබාදීමට රජය රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇති බව එම කාර්යාලය පවසන්නේය.

එමෙන්ම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය හරහා ණය ලබාදීමේදී ඔවුන්ට ප්‍රමුඛතාවක් ලබාදීමට රජය පියවර ගෙන ඇති අතර එම කරුණු වලට අදාලව සිය ප්‍රසාදය පල කරන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහන සැලසීම සම්බන්ධයෙන් වන කටයුතු රාජ්‍ය ආයතන සමග සම්බන්ධ වි ඉදිරියේදී කටයුතු කරන බව එම කාර්යාලය සදහන් කරයි.

Exit mobile version